Friday, October 29, 2010

උගත මනා ශිල්පය

උගත මනා ශිල්පයමයි මතු        රැකෙනා
සැකයක් ඇත මෙය අද හත    ගැලපෙයිදා
සහතික නැති ශිල්පයනම් ඵල  නොදෙනා
සහතික තමා රැකියා දෙන ඉටු        දෙවිදා





රැකියා නැති කල නැත මුදලක්             වියදමටා
මුදලක් නැති කල සැඩොලෙක් සේ   පෙනෙනා
ගැහැණියකද නැත සහයට                    ගන්නා
ශිල්පය ලද්දෙකි මහ මග සිගමන්          යදිනා





නිවටෙකි මා කිසිවෙකු හට ඵලක්      නැතී
උසස් පෙළද අසමත් මහ ගනන්         ඇතී
තනී වී ඇත පෙරදා පිරිවරද               නැතී
කවදා කෙලෙස ගොඩ යම්දෝ සිතනු  බැරී





උගත මනා ශිල්පය මතු      රැකෙන්නට
සහතික ගොඩක් හා රැකිය  ලැබෙන්නට
සමාජයේ මිනිහෙකු සේ          ඉදින්නට
පිං කල මැන මතු භවයේ       ඉපදෙන්ට

No comments:

Post a Comment