Monday, November 8, 2010

තනිකම

තනිකම මා ප්‍රිය සබද,
මගෙ මුලු දිවිය.
දන්නෙමි ඔඹ මා හැර නොයන බව.
මා අදුරු ලොව, සිහින වලට පණ දීමට
නැත කිසිවෙකුත් පෙරසේ..
හැර ගියා පෙර දිනෙක, මා ආදරය කල ඇය..
නැත මිතුරු කැල,පෙරදා උන් මා සමග.
කිම කල වරද,කිව මැන සබද.
ආදරය කල එකද මා කල වරද?.
යොවුන් විය කෙළිලොල්, කමට කල දග වැඩ
රිදෙව්වා ඔඹ සිත,කමා කල බැරිද මට?
කියනු මැන තනිකම,කමා කල බැරිද මට?
තනිකම ඔඹෙන්, අයදිමි  යලිත්
මා හැර නොයන්, අන් අය ලෙසින්..
ගියොතින් එලෙස, තනි කර මසිත
නැත කිසි සරණ,කදුලකි හඩන..
මා හද රළු, ගිරි හෙල් අරණ.
තනිකම මා ළග,තනි රැකුමත ඇත.
සදාතනික මිතුරකු විලසින්.......
තනිකම ඔඹෙන්,,
අයදිමි යලිත්,යලි යලි ඔඹෙන්,
මා හැර නොයන්.., අන් අය ලෙසින්.....

Friday, October 29, 2010

උගත මනා ශිල්පය

උගත මනා ශිල්පයමයි මතු        රැකෙනා
සැකයක් ඇත මෙය අද හත    ගැලපෙයිදා
සහතික නැති ශිල්පයනම් ඵල  නොදෙනා
සහතික තමා රැකියා දෙන ඉටු        දෙවිදා





රැකියා නැති කල නැත මුදලක්             වියදමටා
මුදලක් නැති කල සැඩොලෙක් සේ   පෙනෙනා
ගැහැණියකද නැත සහයට                    ගන්නා
ශිල්පය ලද්දෙකි මහ මග සිගමන්          යදිනා





නිවටෙකි මා කිසිවෙකු හට ඵලක්      නැතී
උසස් පෙළද අසමත් මහ ගනන්         ඇතී
තනී වී ඇත පෙරදා පිරිවරද               නැතී
කවදා කෙලෙස ගොඩ යම්දෝ සිතනු  බැරී





උගත මනා ශිල්පය මතු      රැකෙන්නට
සහතික ගොඩක් හා රැකිය  ලැබෙන්නට
සමාජයේ මිනිහෙකු සේ          ඉදින්නට
පිං කල මැන මතු භවයේ       ඉපදෙන්ට

Thursday, October 28, 2010

A/L සහ ස්ල්ලි...

O/L යන්තම් පාස්
A/L ඉහලින්ම පේල්
Job එකකුත් නෑ,අතේ සල්ලිත් නෑ..
හැමෝගෙන්ම බැනුම් ගැරහුම් කෝටියයි.
අනාගතේ සිතුම් පැතුම් සිහිනයක් සේ ඇස් ඉදිරිපිට බොද්ව යයි...
ම දැනි ලෝකයාට එක්තරා නිකමෙක් පමණි...



යාලුවෙකුට පින් සිද්ධ වෙන්න Job එකක් සෙට් වුනා...,
මා කර ඇති පවක මහත,මස දෙකෙන් එලිය‍ය් දැම්මා..

පරිවාර ජනයාත් නෑ..අගමෙහෙසියත් නෑ..රාජධානියත් නෑ..අතේ සල්ලිත් නෑ...
යාන්තම් ගෙදරින් කනවා බොනවා,4න් බිල ගෙවා ගන්නවත් විදියක් නෑ...
කුලී වැඩක්වත් කරන්න වෙනවා,නැත්නම් හිගා කන්න තමා වෙන්නෙ....


මේ සමාජේ මිනිහෙක් වෙන්න අවශ්‍ය එකම දේ සල්ලි...
සල්ලි නැත්නම් මිනිසු බල්ලො වෙනව,
 මේ සමාජේ උගතෙක් වෙන්න අවශ්‍ය එකම දේ A/L...
A/L නැත්නම් මිනිසු මීහරක් වෙනව.

සල්ලිත් නැති A/L ත් නැති මිනිසුන්ට මෙ සමාජේ කවර කථා ද?
බල්ලෝ....මීහරක්.....??? 

Wednesday, October 27, 2010

ලියමි කවියක්.. දුකට හටගත්..

සදකි ඔඹ මට අමාවකේ                     පෑයූ
මලකි ඔඹ මට වසන්තයේ                 පරවූ
එළිය නැත,නැත සුවද ඔඹෙන්         පෙරවූ
අදුරු වී ඇත පාලු වී ඇත ලොවම මා   රැදවූ

පිවිතුරු ආදරය.....

අතරමන් වුවා සේදැනේ...
හිතට කිසිම ආශාවක් නැත..,
ඇසට පෙනෙන සියලුම දේ අවලස්සනය.
කනට ඇහෙන සියලුම දේ අමිහිරිය.මගේ සතුට මගෙන් වෙන්ව ගොස්
වසරකට ආසන්නය...
මගේ ජිවිතය මූසලය,එදාත් මූසලය,අද වඩාත් මූසලය...
ඔනාවත වඩා හොද කිරිම නිශ්පලය..මක් නිසදයත් මේ අබුද්දස්ස යුගයේ මුල් අවදිය බැවිනි.

සිගරට් එකක් ග්න්ජා සුරුට්ටුවක් පාවිච්චි කරල,ඉදලා හිටලා කොල්ලො එක්ක සැට් වෙලා,පොඩි අඩියක් දෙකක් තුනක් විතර ගහලා,ගෑණු  ළමයි තුන් හතර දෙනෙක් හොද..ට ආශ්‍රය මිශ්‍රය කරල,මුහුදේ මාලු ඕන තරම් ඉන්නවනෙ කියල හිට්යා නම් කිසිම කරදරුයක් අවුලක් නෑ.
එක අතක පන්සිල් පද 5න් 3,4ක් රකින අපි වගේ පුද්ගලයින්ව කොන්දක් නැති නපුන්සකයො කියල
හිතන එකෙත් වරදක් නෑ.
 අවුරුදු දෙකයි මාස දහයයි සති තුනක් ආදරය කලා,ඒත් එක දවසක්වත් film එකක් බලන්ට ගොස් නැත,beach එකේ ඇවිදින්ට ගොස් නැත,park එකේ ගස් යට වාඩි ව්ලා ඉන්ට ගොස් නැත,museum එකේ කවුතුක බාණ්ඩ බලන්ට ගොස් නැත,library එකේ පොත් පෙරලන්ට ගොස් නැත,zoo එකේ සත්තු බලන්ට ගොස් නැත,ග්‍රහලෝකාගරෙ තරු බලන්ට ගොස් නැත..
මෙකී නොකී සාමාන්ය පෙම්වතුන් කියන උදවිය කරන නොයෙකුත් දේ කරලා නෑ..,එතුමියටත් උවමනවක් තිබේ නෑ
මේ කථාව කිවුවම සමහරු අහනව උඹ love කලාද නැත්නම් වෙන මොනවා හරිද කලේ කියලා.
නමුත් මා සිතනවා ඔය කියන්දේ මන්  කලා කියලා..
කෙසේ වෙතත් මිනිහෙකුට ලැබිමක් නැති දෙයක් කොහෙත්ම ලෙබෙන්නේ නැත,ලැබුනත් කෙසේ හෝ නැතිවී යයි...,එය සැබෑවකි.
මුලු ලොවම අදුරුය,කල් යත්ම ඒ අදුර වඩ ව්ඩාත් වැඩි වනු මිස අඩු වීමක් නැත.මගේ ලොවට එළිය දුන් හිරු ඈත ක්ශිථිජයේ සැගව ගොස් ඇත.
හිමිදිරිය උදා වන තුරු බලා සිටිමි..කෙදිනකවත් පහන් නොවන රාත්‍රියක් දෝ සැකයක් ඇත..
පුන්සදකින්වත් තරු කැට දහසකින්වත් මේ ඝනාදුර මකාලිය නොහෙක...
කවදානම් මා සිත් අහසට හිරු නැගේදෝ බලා සිටිමි....