Wednesday, October 27, 2010

පිවිතුරු ආදරය.....

අතරමන් වුවා සේදැනේ...
හිතට කිසිම ආශාවක් නැත..,
ඇසට පෙනෙන සියලුම දේ අවලස්සනය.
කනට ඇහෙන සියලුම දේ අමිහිරිය.මගේ සතුට මගෙන් වෙන්ව ගොස්
වසරකට ආසන්නය...
මගේ ජිවිතය මූසලය,එදාත් මූසලය,අද වඩාත් මූසලය...
ඔනාවත වඩා හොද කිරිම නිශ්පලය..මක් නිසදයත් මේ අබුද්දස්ස යුගයේ මුල් අවදිය බැවිනි.

සිගරට් එකක් ග්න්ජා සුරුට්ටුවක් පාවිච්චි කරල,ඉදලා හිටලා කොල්ලො එක්ක සැට් වෙලා,පොඩි අඩියක් දෙකක් තුනක් විතර ගහලා,ගෑණු  ළමයි තුන් හතර දෙනෙක් හොද..ට ආශ්‍රය මිශ්‍රය කරල,මුහුදේ මාලු ඕන තරම් ඉන්නවනෙ කියල හිට්යා නම් කිසිම කරදරුයක් අවුලක් නෑ.
එක අතක පන්සිල් පද 5න් 3,4ක් රකින අපි වගේ පුද්ගලයින්ව කොන්දක් නැති නපුන්සකයො කියල
හිතන එකෙත් වරදක් නෑ.
 අවුරුදු දෙකයි මාස දහයයි සති තුනක් ආදරය කලා,ඒත් එක දවසක්වත් film එකක් බලන්ට ගොස් නැත,beach එකේ ඇවිදින්ට ගොස් නැත,park එකේ ගස් යට වාඩි ව්ලා ඉන්ට ගොස් නැත,museum එකේ කවුතුක බාණ්ඩ බලන්ට ගොස් නැත,library එකේ පොත් පෙරලන්ට ගොස් නැත,zoo එකේ සත්තු බලන්ට ගොස් නැත,ග්‍රහලෝකාගරෙ තරු බලන්ට ගොස් නැත..
මෙකී නොකී සාමාන්ය පෙම්වතුන් කියන උදවිය කරන නොයෙකුත් දේ කරලා නෑ..,එතුමියටත් උවමනවක් තිබේ නෑ
මේ කථාව කිවුවම සමහරු අහනව උඹ love කලාද නැත්නම් වෙන මොනවා හරිද කලේ කියලා.
නමුත් මා සිතනවා ඔය කියන්දේ මන්  කලා කියලා..
කෙසේ වෙතත් මිනිහෙකුට ලැබිමක් නැති දෙයක් කොහෙත්ම ලෙබෙන්නේ නැත,ලැබුනත් කෙසේ හෝ නැතිවී යයි...,එය සැබෑවකි.
මුලු ලොවම අදුරුය,කල් යත්ම ඒ අදුර වඩ ව්ඩාත් වැඩි වනු මිස අඩු වීමක් නැත.මගේ ලොවට එළිය දුන් හිරු ඈත ක්ශිථිජයේ සැගව ගොස් ඇත.
හිමිදිරිය උදා වන තුරු බලා සිටිමි..කෙදිනකවත් පහන් නොවන රාත්‍රියක් දෝ සැකයක් ඇත..
පුන්සදකින්වත් තරු කැට දහසකින්වත් මේ ඝනාදුර මකාලිය නොහෙක...
කවදානම් මා සිත් අහසට හිරු නැගේදෝ බලා සිටිමි....

5 comments:

  1. ගති ගති! ඒකනේ යකෝ ලියන්න කිව්වේ!

    ReplyDelete
  2. බ්ලොග් ලියවිල්ලට ඕන් අපෙනුත් සුභ පැතුම්
    චියර්ස්ස්ස්ස්!!!!!

    ReplyDelete
  3. අඩෝ ගින්දර බන්ස්''''තව ලියපන්'''ඔබ කව්රු උනත් කතාවෙ ඇත්තක් තියෙනවා???

    ReplyDelete