Monday, November 8, 2010

තනිකම

තනිකම මා ප්‍රිය සබද,
මගෙ මුලු දිවිය.
දන්නෙමි ඔඹ මා හැර නොයන බව.
මා අදුරු ලොව, සිහින වලට පණ දීමට
නැත කිසිවෙකුත් පෙරසේ..
හැර ගියා පෙර දිනෙක, මා ආදරය කල ඇය..
නැත මිතුරු කැල,පෙරදා උන් මා සමග.
කිම කල වරද,කිව මැන සබද.
ආදරය කල එකද මා කල වරද?.
යොවුන් විය කෙළිලොල්, කමට කල දග වැඩ
රිදෙව්වා ඔඹ සිත,කමා කල බැරිද මට?
කියනු මැන තනිකම,කමා කල බැරිද මට?
තනිකම ඔඹෙන්, අයදිමි  යලිත්
මා හැර නොයන්, අන් අය ලෙසින්..
ගියොතින් එලෙස, තනි කර මසිත
නැත කිසි සරණ,කදුලකි හඩන..
මා හද රළු, ගිරි හෙල් අරණ.
තනිකම මා ළග,තනි රැකුමත ඇත.
සදාතනික මිතුරකු විලසින්.......
තනිකම ඔඹෙන්,,
අයදිමි යලිත්,යලි යලි ඔඹෙන්,
මා හැර නොයන්.., අන් අය ලෙසින්.....